
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 04ක් ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනකු සහ කැබ්රථ දෙකක් ජුලි 11 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මුහුදු මාර්ගයෙන් නිතිවිරෝධී ලෙස සිදුකෙරෙන භාණ්ඩ ජාවාරම් හේතුවෙන්, නීත්‍යානුකූල ව්‍යාපාර සඳහා සහ මෙරට ආර්ථිකයට සිදුවන දිගුකාලීන අහිතකර බලපෑම වලක්වා, සාගරයේ නීතිමය භාවිතය ප්‍රචලිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, 2025 ජුලි මස 11 වැනි දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් කිලිනොච්චිය, ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු කැබ් රථ දෙකක් (02) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදි එම කැබ් රථ දෙකෙහි අසුරා තිබූ නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම් 300ක්, කහකුඩු කිලෝග්‍රෑම් 260ක්, වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 273ක් ඇතුළු කුළුබඩු තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ තොගයක් සමඟ එම කැබ් රථ දෙක හා සැකකරුවන් සිව්දෙනකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 49 අතර වයසේ පසුවන එරක්කන්ඩි, කල්මුනෛකුඩි, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් සිව්දෙනා සමඟ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඖෂධ තොගය සහ කැබ් රථ දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart