
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට පැමිණි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ගැඹුරු මුහුදේ ගිලීගිය නමුත් එහි සිටි 14 දෙනාම යන්තමින් දිවි ගලවාගෙන තිබේ.
සංචාරකයින් 12 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු රැගත් ඩෙල්ෆ්ට් හි පදිංචිකරුවකුට අයත් පෞද්ගලික බෝට්ටුවක් ඊයේ සවස කුරිකට්ටුවාන් දෙසට ගමන් ආරම්භ කර ඇත.
ඩෙල්ෆ්ට් සහ කුරිකට්ටුවාන් අතර ගමන් කරමින් සිටියදී, බෝට්ටුවේ හදිසියේම යාන්ත්‍රික ගැටළු ඇති වූ අතර මුහුදු ජලය යාත්‍රාවට ඇතුළු වීමට පටන් ගෙන තිබේ.
එහිදී, කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනා විපත සංඥා කිරීම සඳහා සුදු කොඩියක් වනමින් සිටියදි ඒ බව වෙනත් බෝට්ටුවක සිටි අය විසින් දැක ඔවුන්ට සහාය වීමට පැමිණ ඇත.
එහිදී සහයට පැමිණි බෝට්ටුවට මගීන් සහ කාර්යමණ්ඩලයේ දෙදෙනා සහායට පැමිණි බෝට්ටුවට ගෙන ඇති අතර, යාන්ත්‍රික දෝෂයට ලක්වූ බෝට්ටුව ගිලීගොස් ඇත.
මේ අතර, සිද්ධිය දැනගත් ශ්‍රී ලංකා නාවික හමුදාව, සිද්ධිය දැනගත් වහාම එම ස්ථානයට පැමිණ බේරාගත් පුද්ගලයන් ඔවුන්ගේ යාත්‍රාවට මාරුකර, ඔවුන් ආරක්ෂිතව කුරිකට්ටුවාන් වෙරළට ගෙන එන ලදී.
කුරිකට්ටුවාන් සහ ඩෙල්ෆ්ට් අතර මුහුදු ගමනට පැයක් පමණ ගත වන බැවින්, මගී බෝට්ටු දැඩි ලෙස නිරීක්ෂණය කිරීම සහ සියලුම මගීන් ආරක්ෂිත ආම්පන්න පැළඳ සිටින බව සහතික කිරීම සඳහා සහ අදාළ බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතු අනෙකුත් ආරක්ෂක පියවරයන් සඳහා දැන් දැඩි ඉල්ලීමක් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart