July 11, 2025

අද සවස කොස්ගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි තුවාලකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.