
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ක්‍රියාත්මක චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයේ සත්‍යය, යුක්තිය සහ අන්තර්ජාතික සහයෝගීතාවය සහතික කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබේ.
සවිස්තරාත්මක වශයෙන් කරුණු දක්වමින් සකස් කර ඇති පිටු තුනක ලිපියක් මගින්, එම පක්ෂය යාපනයේ සිදුකෙරෙන ගොඩගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව කනස්සල්ල මතුකර ඇති අතර, ඒ සඳහා ස්වාධීන අන්තර්ජාතික අධිකරණ වෛද්‍ය අධීක්ෂණයක් ඉල්ලා සිටියි.
මේ වන විට චෙම්මනි සමුහ මිනීවළෙන් ළදරුවන්ගේ ඇටසැකිලි ද ඇතුළුව ඇටසැකිලි 65 කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව පෙන්වා දී ඇති එම පක්ෂය අවධාරණය කරන්නේ, එම ප්‍රදේශවල සිදු වූ බව කියන සාහසික ක්‍රියාවල පරිමාණය තහවුරු කිරීමට එමගින් හැකියාව පවතින බවයි.
අධිකරණ වෛද්‍ය විනිවිදභාවය, වින්දිතයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට නඩු පැවරීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කර තිබේ.
එමෙන්ම සියලු අධිකරණ වෛද්‍ය වාර්තා සහ DNA අනාවරණයන් ප්‍රසිද්ධියේ නිකුත් කරන ලෙස ඉල්ලා සිටින තමිල් අරසු පක්ෂයේ එම ලිපියට, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන සී.වී.කේ. සිවඥානම් සහ එම්.ඒ.සුමන්තිරන් අත්සන් තබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart