
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම රෝගී තත්ත්වයකට සිදුකිරීමට නියමිත සැත්කමක් සඳහා නිවෙස් හිමි කාන්තාවක එකතු කරගෙන සිටි රුපියල් ලක්ෂ 6කට අධික මුදලක්, ඊට අමතරව විදෙස් මුදල් තොගයක් මෙන්ම රන් භාණ්ඩ තොගයක් සොරාගත් එම නිවසේම පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවෙස් හිමි කාන්තාවගේ වැඩිමල් සොයුරියගේ පුත්‍රයාගේ බිරිඳ බව ද පොලිසිය කියයි.
මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මට්ටක්කුලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කර අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
මහල් දෙකකින් සමන්විත එම නිවසේ පහත මහලයේ කාමරයක අල්මාරියක තබා තිබූ මුදල් සොරාගෙන තිබෙනු එම කාන්තාව මුලින් දැක තිබේ.
ඒ අනුව ඇය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව එම නිවසට පැමිණි මට්ටක්කුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට මුදල් තබා තිබූ අල්මාරියේ දොරගුළු කඩා ඇති ආකාරය ගැන සැකයක් මතු වී තිබේ.
අදාළ දොරගුළු කඩා ඇත්තේ නිවස තුළ සිටි අයකු බව නිරීක්ෂණය වීමෙන් පසු නිවසේ අනෙකුත් කාමර ද පොලිසිය විසින් සෝදිසි කර තිබේ.
එහිදී නිවසේ උඩුමහලේ කාන්තා අත්යාංගයක අදාළ මුදල්, රන් භාණ්ඩ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
පසුව සිදු කළ විමර්ශනයේදී අදාළ නිවෙස් හිමි කාන්තාවගේ වැඩිමල් සොයුරියගේ පුත්‍රයාගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලදී.
අදාළ සැකකාරිය හා ඇගේ සැමියා වසර 14ක කාලයක් එම නිවසේ පදිංචිව සිට තිබේ.
මෙලෙස සොරාගෙන තිබූ මෙරට මුදල්වල වටිනාකම රුපියල් 655,000 ක් බව පොලිසිය කියයි.
සොරාගත් විදෙස් මුදල් අතර ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 15ක්, රන්පවුම් 18ක් තිබූ බව පොලිසිය පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart