
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් පනහක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, පළාගිය ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් දික්වැල්ල පොලීසිය පැවසීය.
දික්වැල්ල පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (9) සවස වලස්ගල මාර්ග බාධකයේදී සැකකටයුතු නවීන පන්නයේ මෝටර් රථයක් නවතා එහි ඇතුළත හා ඉදිරිපස කොටස පරීක්ෂා කර ඩිකිය කොටස පරීක්ෂා කිරීමේදී ඒ තුළ රෙදි බෑගයක ඔතා සඟවා තිබූ හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
පසුව පොලිස් නිලධාරියා විසින් ඒ පිළිබඳව වැඩිදුර සොයා බලමින් සිටියදී මෝටර් රථයේ සිටි සැකකරුවන් පළායෑමට උත්සාහ දරා ඇති අතර, පොලිස් නිලධාරීන් ඔවුන් සමඟ පොරබදා නතර කර ගැනීමට උත්සාහ දරා ඇතත්, පොර බැදීමෙන් ඉරීගිය කමිස ද සහිතව සැකකරුවන් දෙදෙනා මෝටර් රථයෙන් පළාගොස් තිබේ.
සිද්ධිය පිළිබඳ සැලවීමත් සමඟ වලස්ගල අදාළ ස්ථානයට ගිය දික්වැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රමුඛ පොලිස් කණ්ඩායම වහා පරීක්ෂණ ආරම්භ කොට කරුණු සොයා බලමින් සිටියදී ලද තොරතුරු මත මෝටර් රථය ගමන් කරන ස්ථාන සොයා හඹායෑමේදී හක්මන පොලිස් වසමේ ලාල්පේ ප්‍රදේශයේ නිවෙසක මෝටර් රථය සඟවා තිබියදී එදින රාත්‍රී හතට පමණ සොයාගැනීමට හැකිවිය.
එලෙස සොයාගත් මෝටර් රථයේ අංක පහඩු ගලවා දමා තිබී ඇති අතර, පසුව කරන ලද විමර්ශනයේදී අදාළ නිවෙසේ පදිංචි විසිපස් හැවිරිදි පුද්ගලයකු සමඟ ඔහුට අයත් ත්‍රිරෝද රථයේ නැඟී ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කැකණදුර ප්‍රදේශයට පළාගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
එලෙස සැකකරුවන් දෙදෙනා කැකණදුර ප්‍රදේශයට රැගෙන ගිය ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, පලා ගිය මිරිස්ස හා හක්මන ලාල්පේ ප්‍රදේශයේ, පදිංචි අවුරුදු විසි අටක් (28) හා අවුරුදු තිහක් (30) වයසැති අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart