
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස ඉන්දියාව හරහා කැනඩාවට යවන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු රවටා මුදල් වංචා කළ බව කියන නියෝජිතයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියානු පොලීසිය සඳහන් කරයි.
විත්තිකරුවන් ශ්‍රී ලංකාවේ පදිංචි මහෙන්තිරාජා (63) සහ තමිල්නාඩුවේ පදිංචි සෙල්වකුලේන්ද්රන් (56) බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
මහීපල්පූර් පිකට් අසල මුර සංචාරයේ යෙදී සිටියදී සැකසහිත ලෙස එහි සිටි පුද්ගලයින් 10 දෙනෙක් හමු වූ බවට පොලිස් පරීක්ෂකවරයකුගෙන් ලද පැමිණිල්ලක් මත IGI ගුවන්තොටුපල පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගේ අනන්‍යතා පිළිබඳව ඉල්ලූ විට ඒවා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර, පසුව ඔවුන්ව පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත.
එහිදී ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවත්, ඔවුන්ව කැනඩාවට යැවීමට පොරොන්දු වී ඇති බවත්, අනාවරණය වී තිබේ.
පසුව, තමිල්නාඩුවේදී සෙල්වකුලේන්ද්රන් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රශ්න කිරීම්වලදී ඔහු හෙළි කර ඇත්තේ, එම පිරිස දිල්ලි හරහා කැනඩාවට යැවීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 02 බැගින් අය කළ බවයි.
මෙම ශ්‍රී ලාංකිකයන් ඔහු වෙත එවා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින විජේ නම් අයෙක් විසින් බව ද ඔහු සඳහන් කර ඇත.
මහෙන්තිරාජා සතුව තිබූ ජංගම දුරකථන දෙකක් සහ මගීන් දෙදෙනෙකුගේ නමින් කැනේඩියානු වීසා ස්ටිකර් දෙකක් ද, සෙල්වකුලේන්ද්රන් සතුව ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර දෙකක් සහ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දෙකක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart