
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි පළමු T20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනූ චරිත් අසලංක මුලින් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර, කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු 154ට පිළිතුරු ලෙස ශ්රී ලංකා පිල තවත් පන්දු 6ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් බිඳවැටී ලකුණු 159ක් ලබා ජයග්රහණය වාර්තා කළේය.
කුසල් මෙන්ඩිස් තවත් අර්ධ ශතකයක් රැස් කළ අතර, පැතුම් නිස්සංක පන්දු 16 කින් ලකුණු 42 ක් ලබාගනිමින්, 19 වැනි ඕවරය අවසානයේ ශ්රී ලංකාව ලකුණු 155 ක ඉලක්කයක් කරා සැහැල්ලුවෙන් ගමන් කරවූහ.
පන්දු යැවීමේදී දසුන් ශානක ඔහුගේ ඕවර හතරෙන් ලකුණු 22 ක් පමණක් ලබා දුන් අතර, ජෙෆ්රි වැන්ඩර්සේ ද ලකුණු ලබාගැනීම සිමාකරමින් ශ්රී ලංකාවට ආරම්භයේදීම ජයග්රහණයේ අඩිතාලම දමනු ලැබූහ.
පල්ලෙකැලේ ක්රීඩාංගණයේ දී පැවැති තරගයේදී, කුසල් මෙන්ඩිස් සිය T20 ක්රිකට් දිවියේ 16 වැනි අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය.
කුසල් ජනිත් ලකුණු 24ක් රැස්කළේය.
බංග්ලාදේශය සහ ශ්රී ලංකාව අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (13) රංගිරි දඹුල් අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart