July 11, 2025

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි.

www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල බාගත කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල ලේඛන බාගත කිරීම සඳහා ඔවුන් වෙත ලබා දී ඇති මුරපද හා පරිශීලක නාම භාවිත කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ලබන 14 වැනිදා සිට 28 වැනිදා දක්වා භාර ගැනීමට නියමිතය.

පසුගිය වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මාර්තු මාසයේදී පැවැත්විය.

ඒ සඳහා ඉදිරිපත් වූ අයැදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 74147කි.

ඒ අතර පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 98182ක් සිටි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.