July 10, 2025

රාජාංගණේ සද්ධාරතන භික්ෂුව මානසික වෛද්‍ය සායනයකට යොමුකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ, රාජාංගණේ සද්ධාරතන භික්ෂුව කොළඹ ජාතික රෝහලේදී පරීක්ෂණයකට භාජනය කර වාර්තාවක් ලබාදෙන ලෙසයි.

එම භික්ෂුවගේ යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ පටයක කිසියම් අශෝභන භාෂාවක් තිබේදැයි පරීක්‍ෂා කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගොනුකරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කර ඇත.

රාජාංගණේ සද්ධාරතන භික්ෂුව මේ වන විට කොන්දේසි සහිත ඇප මත සිටින අතර, ඒ අනුව එම භික්ෂුවට අපහාසාත්මක වචන භාවිත කිරීම තහනම් කර ඇත.

ආගමික සහජීවනයට හානිවන අයුරින් සහ බුදුදහමට අගෞරව වන අයුරින් අදහස් පළකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම භික්ෂුව පසුගිය වසරේ ජූලි මාසයේදී ඇප මත මුදාහැර තිබිණි.