
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීතාවක ප්රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ජූලි 14 වැනිදා ප්රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.
සභාපති සහ උපසභාපති ධුර සඳහා වන රහස් ඡන්දය එදින තෙක් නොපවත්වන ලෙස වගඋත්තරකාර පාර්ශවයට උපදෙස් දෙන බව නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නලින් රොහන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනෙයි.
සීතාවක ප්රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු පිරිසකි.
පෙත්සම්කරුවන් කියාසිටින්නේ, සීතාවක ප්රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවුවද, සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාගැනීම සඳහා බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය යටතේ පසුගියදා රැස්වීමක් කැඳවූ බවයි.
මෙම රැස්වීමේදී කොමසාරිස්වරිය තීරණය කර තිබුණේ එම තේරීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමටය.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවත්, එය ක්රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමින් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart