
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් නමැත්තා සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 20 වැනි දින ටාජ් සමුද්‍රා හෝටලයෙන් ලැබුණු තීරණාත්මක අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට රාජ්‍ය බුද්ධි සේවය අපොහොසත් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට පැවසීය.
එම හෝටලය එදින පස්වරු 4.52 ට රාජ්‍ය බුද්ධි සේවය වෙත විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් එවා තිබූ බව ද අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය.
අප්‍රේල් 20 වැනිදා, ජමීල් හෝටලයට ඇතුල්වීම සම්බන්ධයෙන් එහි දක්වා තිබේ.
ජමීල් ඒ වන විටත් ත්‍රස්ත විමර්ශන ලැයිස්තුවේ සිටි නමුත් දැනුම්දීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඔහු පැවසීය.
ජමීල් නමැත්තා ටාජ් සමුද්‍ර හෝටලය තුළ පිපිරීමක් සිදුනොකළ නමුත් පසුව ඔහු දෙහිවල ට්‍රොපිකල් තානායමේදී බෝම්බයක් පුපුරුවා හැරියේය.
එම අනතුරු ඇඟවීම නොසලකා හැරියේ ඇයිද යන්න සහ ලද තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය තුළ ක්‍රියාත්මක වීමට අපොහොසත් වූයේ කවුරුන් නිසාද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශනය කරමින් සිටින බව ද අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මීට පෙර අනාවරණය වූ පරිදි 2015 වසරේ සිට ජමීල් නමැත්තා බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්ව සිටි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් නමැත්තියගේ මරණය සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා සිදුකළ DNA පරීක්ෂණ පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය.
“2019 අප්‍රේල් 24 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිගිය බවට පළ වූ වාර්තා අනුව සාරා ජැස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැත්තියගේ මරණය තහවුරු කිරීමට අවස්ථා දෙකකදී DNA වාර්තාවක් ඉල්ලා තිබුණා. එම අවස්ථා දෙකේදීම, පරීක්ෂා කළ DNA ඇගේ සමීප ඥාතීන්ගේ සාම්පල සමඟ ගැලපෙන්නේ නැහැ. මෙවර ඇයගේ මවගේ සාම්පලයක් ඇතුළත් තුන්වන DNA පරීක්ෂණයක් කැඳවා තිබුණේ සරත් වීරසේකර අමාත්‍යවරයා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදීයි.” අමාත්‍යවරයා පැවසුවේය.
සාම්පල ලබාගත් ආකාරය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුව ඇති බවත්, ඒ පිළිබඳව බලධාරීන් මේ වන විට විමර්ශන සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයට එක්වෙමින්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart