
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හික්කඩුව, නලගස්දෙණිය ප්‍රදේශයේ සුපිරි දෙමහල් නිවසක වැසිකිළියක් තුළ සඟවා තිබූ ග්‍රෑම් 14.8ක් බරැති හෙරොයින් තොගයක් ගාල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඒ, පර්සි නැමැති පොලිස් නිල සුනඛයාගේ සහාය ඇතිවයි.
නිවසේ හිමිකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ලද තොරතුරක් මත ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් එම නිවස තුළ පුළුල් සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.
කෙසේවෙතත් එහිදී හෙරොයින් තොගය සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, සැකකාරියගේ සැමියා සහ දරුවන් නිවසට පැමිණෙන තෙක් සෝදිසි කිරීම නවතා දමා ඇත.
පසුව පර්සි සුනඛයා ගෙන්වා ගෙන සිදුකළ සෝදිසි මෙහෙයුමේදී නිවසේ ඉහළ මහලේ නාන කාමරයේ වැසිකිලි ජල භාජනය තුළ පොලිතින්වලින් ආවරණය කර සඟවා තිබූ හෙරොයින් තොගය සොයාගෙන තිබිණි.
සැකකාරිය ඇණවුමක් ලැබෙන විට පොලිතින්වල ඔතා ඇති මත්ද්‍රව්‍ය පාර්සල් නිවසේ ඉහළ මහලෙන් බිත්තියට උඩින් විසිකරන බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් 39 හැවිරිදි වියේ පසුවන නිවසේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart