
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දහම් පාසල් ගුරුවරුන් සඳහා දීමනාවක් ලබාදීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/-ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීමට අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
‘අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සමාජය යොමු කිරීමට දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පිටිවහලක් ලැබේ. එබැවින්, කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොර ව දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙන් ම සමාජයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස ඔවුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ලබා දීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/-ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart