
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය(ICC) විසින් එහි ප්රධාන විධායක නිලධාරී ලෙස සන්ජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර ඇත.
ඒ අනුව ඔහු අද එම ධූරයේ වැඩභාර ගැනීමට නියමිතය.
සන්ජෝග් ගුප්තා, අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ හත්වැනි ප්රධාන විධායක නිලධාරියා ය.
සන්ජෝග් ගුප්තා දැනට JioStar හි ප්රධාන විධායක නිලධාරියකු ලෙස සේවය කරන අතර ඔහුට එම අංශයේ දශක දෙකක අත්දැකීම් පවතී.
සන්ජෝග් යනු සාර්ථක පාරිභෝගික බලයක් ගොඩනැගීමේ විශේෂඥ දැනුමක් ඇති දූරදර්ශී නායකයකු වන අතර, ඉන්දියාවේ නවීන ක්රීඩා පරිසර පද්ධතියේ නිර්මාණකරුවකු ලෙස ලෙස සැලකේ.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පවසා ඇත්තේ, එම කවුන්සිලයේ ප්රධාන විධායක නිලධාරියා ලෙස සන්ජෝග් ගුප්තා පත්කර ඇති බව ප්රකාශ කිරීමට තමන් සතුටු වන බවයි.
සන්ජෝග් ක්රීඩා උපාය මාර්ග සහ වාණිජකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ගෙන එනු ඇති බවත්, එය අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයට ඉතා අගනා අවස්ථාවක් බව ද ජේ ෂා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart