
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 සහ ලකුණු 1000 ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින් වාර්තා පොත්වලට තම නම ඇතුළත් කර තිබේ.
ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී 27 හැවිරිදි ඔහු මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.
තරග 65 කදී පමණක් මෙම සන්ධිස්ථානයට ළඟා වූ හසරංග, තරග 68 කදී එම ලකුණට ළඟා වූ හිටපු දකුණු අප්‍රිකානු තුන්ඉරියව් ක්‍රීඩක ෂෝන් පොලොක් අභිබවා ගියේය.
මෙම ජයග්‍රහණයත් සමඟ, එක්දින ඉතිහාසයේ කඩුලු 100–ලකුණු 1000 සුවිශේෂී සමාජයට ඇතුළු වූ 70 වැනි ක්‍රීඩකයා බවට හසරංග පත්වේ.
තරගාවලියේ පළමු එක්දින තරගයේදී හසරංග දැනටමත් ලකුණු 1000 සීමාව පසු කර තිබුණද, දෙවැනි තරගයේදී ඔහු සිය 100 වැනි එක්දින කඩුල්ල සම්පූර්ණ කළේය.
එක් එක්දින තරගයකදී මෙම සන්ධිස්ථාන දෙකම සම්පූර්ණ කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක්ගේ නම සටහන්ව ඇත.
2017 දී එක්දින පිටියට පිවිසි හසරංග, ඔහුගේ සුපිරි පාදඟ පන්දු සහ දක්ෂ පසුපෙළ පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සීමිත ඕවර තරග රටාවේ ස්තාවට සාමාජිකයෙක් බවට පත්ව ඇත.
ඊයේ තරගය බංග්ලාදේශය ජයගැනීමත් සමග, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය දැන් 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart