
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ආණ්ඩුව විසින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය(LRT) හදිසියේ අවලංගු කිරීම හේතුවෙන්, ඊට සම්බන්ධවූ ජපාන සමාගම් ප්රමුඛ උපදේශන ආයතනයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7ක් (රුපියල් බිලියනයක් පමණ) ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පළුදු කරමින් ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනයේ අඩු පොලී ණයක් මඟින් ආරම්භ කිරීමට කිරීමට නියමිතව තිබූ LRT ව්‍යාපෘතිය හදිසියේ අවලංගු කළේය.
එහිදී ව්‍යාපෘතියට උපදේශනයක් ලබාදුන් Oriental Consultants Global Co Ltd, Japan International Consultants for Transportation Co Ltd හවුල් ව්‍යාපාරය විසින් වන්දි සඳහා හිමිකම් පෑමක් ඉදිරිපත් කරන ලදී.
එම ඉල්ලීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කමිටුවක් පත් කර තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළ උපදේශනයන් වෙනුවෙන් ඩොලර් මිලියන 3.7ක් ගෙවීමට සිදුව ඇත.
(Economynext)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart