
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගත වූ වසර පහ තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් හතළිස් නවදෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා අනාවරණය කරයි.
විශේෂයෙන්ම ගැටුම්වලදී තිස්දෙනකු මියගොස් ඇති අතර එවිට 79 දෙනකු ඒ අනුව සිටින බවත් එය ඉතා බරපතළ තත්වයක් බවත් ඔහු චෝදනා කළේය.
ඒ අනුව 2020-2025 අතර වසර පහක කාලය තුළ මෙසේ අත්අඩංගුවේදී සැකකරුවන් හතළිස් නවදෙනා මියගොස් ඇති බවද කොමසාරිස්වරයා පෙන්වාදෙයි.
අත්අඩංගුවේදී වද හිංසාවේ ඉහළම තත්ත්වය මරණයට පත්වීම බවද හෙතෙම කීය.
සුළු පිරිසක් විසින් සිදුකරන මෙම සිද්ධීන් නිසා මුළු ආයතන පද්ධතියක්ම අපකීර්තියට පත්වන බවටද ඔහු චෝදනා කළේය.
මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වාදුන්නේ ආණ්ඩුවකට පක්ෂපාතී වීමට හෝ පක්ෂපාතී නොවීමට මෙරට ඕනෑම පුද්ගලයකුට අයිතියක් තිබෙන අතර විශේෂයෙන්ම ජනතාව අපරාධ සම්බන්ධව තොරතුරු ලබාදී ඔවුන් ඒ හරහා විනාශයට පත්වීමට අකැමැති බැවින් එවැනි අපරාධ තොරතුරු ලබාදීමට ජනතාව මැළි වන බවයි.
උදාහරණයක් ලෙස ඇතැම් පොලිස් පොත්වල ‘සැකපිට අත්අඩංගුවට ගත් බව’ ලියැවී ඇති අතර සැකපිට අත්අඩංගුවට ගන්නවා යැයි කිව නොහැකි සේම සැකපිට කියා වරදක් නොමැති බවත් පැවැසූ ඔහු, වැඩිදුරටත් පෙන්වා දුන්නේ අත්අඩංගුවට ගැනීමට නම් වරදක් තිබිය යුතු බවයි.
ඊයේ (02දා) කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකදී කොමසාරිස්වරයා මේ බව කීය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart