
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව ගොනුකර ඇති ක්වෝ වොරන්ටෝ රිට් අයැදුම්පතේ වගඋත්තරකරුවන්ට අද (02) අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.
විනිසුරු මායාදුන්නේ කොරයා සහ විනිසුරු මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රි අර්චුනාට එරෙහිව නිකුත් කරන ලද නොතීසි සහ අතුරු සහන පිළිබඳව ඔහුගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අද දින විභාග කරන ලදි.
ඔහුගේ වැඩ අත්හිටුවා ඇති බවත්, ඔහුට වැටුප් ලබා නොදෙන බවත්, රාජ්‍ය නිලධාරියකුගේ අර්ථ දැක්වීම යටතට ඔහු නොවැටෙන බවත් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළේය. ඩිලාන් පෙරේරා එදිරිව රාජිත සේනාරත්න නඩුවේ තීන්දුව වැරදි ලෙස තීරණය කර ඇති බවටද ඔහු තර්ක කළේය.
ඡන්දදායකයන් 25,000 කගේ කැමැත්තට පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා තෝරා පත්කර ගෙන ඇති අතර, එය අධිකරණයට පටහැනි නොවන බවත්, නොතීසි නිකුත් නොකරන ලෙස මෙන්ම එය නිෂ්ප්‍රභා කරන ලෙසද,ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම කරුණුවලට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් ලද්දේ, වැටුප් රහිතව වැඩ අත්හිටුවා ඇති නිසා පමණක් මන්ත්‍රී අර්චුනා රාජ්‍ය නිලධාරියකු නොවන බව පැවසීම නිවැරදි නොවන බවයි.
මන්ත්‍රීවරයා වැටුප් සහිත තනතුරක් දරන බවත්, ඉල්ලා අස්වී නොමැති බවත්, රාජ්‍ය සේවයෙන් නෙරපා හැර නොමැති බවත් පෙන්වාදෙමින්, ඔහු රාජ්‍ය නිලධාරියාගේ අර්ථ දැක්වීම යටතට වැටෙන බවත්, එමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සකු බවත් ඔහු පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ තේරීම් කාරක සභා බලතලවලට අදාළ විධිවිධාන අනුව පළමු වගඋත්තරකරුගේ නීතිඥවරයා විසින් ලබා දී ඇති අර්ථ නිරූපණය ගැටළුසහගත බව නීතිඥවරයා තවදුරටත් පැවසීය.
ඡන්ද 63,000 කට වඩා ලබාගත් ගීතා කුමාරසිංහද නුසුදුස්සකු වීම නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි වූ බැවින්, ඡන්ද 25,000ක් ලබාගත් බවට් කෙරෙන කරුණු දැක්වීම් වල කිසිදු පදනමක් නොමැති බව ඔහු තර්ක කළේය.
සියලුම කරුණු ඉදිරිපත් කිරීම් අවසන් වූ පසු, අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට තීරණය කෙරිණි.
අනතුරුව මෙම නඩුව අගෝස්තු 1 වන දිනට කල්දමනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart