
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැග්නර් කණ්ඩායම විසින් දියත් කර ඇති “සන්නද්ධ කැරැල්ල” රාජද්‍රෝහී ක්‍රියාවක් බවත්, ඔවුන්ට එරෙහිව “තීරණාත්මක ක්‍රියාමාර්ගයක්” ගන්නා බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවධාරණය කරයි.
වැග්නර් කුලී හේවා බලකායේ ප්‍රධානියාගේ මෙම අභියෝගයෙන් පසු ජනාධිපති පුටින් ඔහුගේ “පාවාදීම” සහ “ද්‍රෝහීකම” හෙළා දැක තිබේ.
“එය අපේ රටේ සහ අපේ ජනතාවගේ පිටුපසට පිහියෙන් ඇනීමක්” යැයි පුටින් ජාතිය අමතමින් කියා සිටියේ වසර 23 කට පෙර ඔහු බලයට පත්වීමෙන් පසු තම අධිකාරිය හමුවේ නිර්මාණය වුණු විශාලතම තර්ජනය පිළිබඳව අදහස් පළකරමිනි.
රුසියානු ‘වැග්නර්’ කුලී හේවා කණ්ඩායම විසින් රුසියානු රජයේ හමුදාවන්ට එරෙහිව ආරම්භ කර ඇති කැරැල්ලක් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති පුටින් මේ බව ප්‍රකාශ කර ඇත.
මොස්කව් බලධාරීන් පවසන්නේ රොස්තොව්හි හමුදා ස්ථාන තම හමුදාව විසින් පාලනය කරන බව වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රජය විසින් “ත්‍රස්ත විරෝධී” හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
තම මිනිසුන් ඔවුන්ට බාධා කරන ඕනෑම අයකු විනාශ කරන බවටද යෙව්ගිනි අනතුරු අඟවා ඇත. “සිවිල් රථ පෙළකට වෙඩි තැබූ” රුසියානු හමුදා හෙලිකොප්ටරයක් තම හමුදාව විසින් බිම හෙළූ බව යෙව්ගිනි කියාසිටී.
මෑත මාසවලදී රුසියාවේ හමුදා නායකත්වය පිළිබඳව යෙව්ගිනි විවේචන ඉදිරිපත් කිරීමත් සමඟ, යුක්රේන යුද්ධය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් රජය සමග ඔවුන්ගේ ගැටුම ආරම්භ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart