
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටයිටන් සබ්මැරීනයේ සිටි ගවේෂකයන් 05දෙනා මියයන්නට ඇත්තේ කිසිදු වේදනාව අත්නොවිඳිමින් වන අතර, සිය මරණය පිළිබඳව ඔහුන්ට කිසිදු පූර්ව අවබෝධයක් නොතිබෙන්නත ඇති බව මෙම අත්දැකීම විද්‍යානුකුලව පැහැදිලි කරන එක්සත් ජනපද වෛද්‍යවරයෙක් පෙන්වාදී ඇත.
හිටපු නාවික හමුදා වෛද්‍යවරයකු වන වෛද්‍ය ඩේල් මෝලේ ප්‍රකාශ කර ඇත්තේ සාගරයේ පවතින පීඩනය හේතුවෙන් සබ්මැරීනයේ සිටි ගවේෂකයන් පස්දෙනාගේ අවසන් මොහොත ඉක්මන් හා වේදනා රහිත එකක් වන්නට ඇති බවයි.
“එය ඉතා හදිසියේ සිදුවන්නට ඇත. ඔවුන් ගැටලුවක් ඇති බව හෝ ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි දැන නොසිටින්නට ඇත. එක විනාඩියක් මෙතන ඉන්නවා වගේ. ඊට පස්සේ ස්විචය ක්‍රියා විරහිතයි. ඔබ ජීවත් වෙන්නේ මිලි තත්පරයක්, ඊළඟ මිලි තත්පරයේ ඔබ මැරිලා.”
එම පිරිසට ගැටලුවක් ඇති බව හෝ ඔවුන්ට සිදුවන්නේ කුමක්ද යන්න නොදැන සිටින බව ඔහු පැහැදිලි කර ඇත.
මතුපිටින් මීටර දහස් ගණනක් එපිටින් පවතින කටුක පරිසරය හේතුවෙන් මෙම අනතුරින් මියගිය පිරිසගේ මළ සිරුරු කිසිදා සොයා ගැනීමට නොහැකි බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත.
බ්‍රිතාන්‍ය-පාකිස්ථාන ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන්, ප්‍රංශ ගුවන් නියමු පෝල් හෙන්රි, ඕෂන් ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් සහ බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියකු වන හමිෂ් හාඩින් මෙම අනතුරින් මරණයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart