June 30, 2025

ගල්නෑව පොලිසියට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ වත්තක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයන් පස්දෙනකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් නිධන් හාරමින් භූතයකු වෙනුවෙන් යම් චාරිත්‍ර ඉටුකරමින් සිටිය බව පොලීසිය පවසයි.

නිධන් හෑරීම සඳහා භාවිත කළ උපකරණ කිහිපයක් සහ චාරිත්‍ර සඳහා භාවිත කළ භාණ්ඩ කිහිපයක් පොලිසිය භාරයට ගෙන තිබේ.