
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය ලැබූ දරුණු පරාජයෙන් පසුව, නජ්මුල් හොසේන් ෂැන්ටෝ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
බංග්ලාදේශය ඉනිමකින් සහ ලකුණු 78කින් පරාජයට පත්වීමෙන් පසුව ඔහු මෙම තීරණය ගෙන ඇත.
ඔවුන් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0කින් පරාජයට පත්විය.
“මෙය පෞද්ගලික දෙයක් නෙවෙයි. මම කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා මෙම තීරණය ගන්නේ. මෙය කණ්ඩායමට උපකාරී වනු ඇතැයි මම සිතනවා. පසුගිය කණ්ඩායම් කිහිපයේ ම මමහිටියා. [අන්තර්ජාතික ආකෘති තුන සඳහා] නායකයන් තිදෙනෙකු සාධාරණ නැහැ කියලා මම හිතනවා. මණ්ඩලය මේ ගැන කුමක් සිතයිදැයි මම දන්නේ නැහැ, මම ඔවුන්ගේ තීරණයට සහාය දෙනවා. නමුත් මෙය මගේ පෞද්ගලික තීරණයයි. වෙනම නායකයන් තිදෙනෙකු සමඟ කටයුතු කිරීම කණ්ඩායමට අපහසුයි කියලයි මම හිතන්නේ.” ෂැන්ටෝ මාධ්‍ය හමුවේදී පැවසීය.
නජ්මුල් හොසේන් ෂැන්ටෝ බංග්ලාදේශය ටෙස්ට් තරග 14කදී නායකත්වය දැරූ අතර, 2023 නොවැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවති ගෘහස්ථ තරගාවලියට පෙර එම භූමිකාව භාර ගෙන තිබිණි.
ඔහුගේ නායකත්වය යටතේ, බංග්ලාදේශය 2024 අගෝස්තු මාසයේදී පාකිස්ථානයේදී ඓතිහාසික අඛණ්ඩ ජයග්‍රහණ දෙකක් ඇතුළුව ටෙස්ට් තරග හතරක් ජයග්‍රහණය කිරීමට සමත් විය.
කෙසේවෙතත්, කණ්ඩායම පරාජයන් නවයක් ද අත්විඳීමට සිදු වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පමණක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart