
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රාය -ඉරාන ගැටුම හේතුවෙන් ලෙබනනයේ සිටින ලාංකිකයන්ට සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනතුරු අඟවයි
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම හේතුවෙන් ප්‍රවේශම් වන ලෙසත්, සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
වත්මන් තත්වය හේතුවෙන් ලෙබනනයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ නිකුත් කරමින් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
එහිදි, ජනාකීර්ණ ස්ථානවලට එකතුවීම, රාත්‍රී කාලයේ ගමන් සහ උත්සව අවස්ථා සඳහා සහභාගීවීමෙන් වැළකී සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා ඇත.
එළිමහනේ ගැවසීමේදී තම ලෙබනන් හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ළඟ තබාගන්නා ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා තිබේ.
හදිසි අවස්ථාවකදී ශ්‍රී ලාංකිකයින්ට සම්බන්ධ කර ගැනීම සඳහා දුරකථන අංක ලැයිස්තුවක් ද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කර ඇත.
ඉරානය සහ ඊශ්‍රායල මිසයිල,ඩ්‍රෝන යානා හා රොකට් උපයෝගී කරගනිමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගන්නා අතර, ඔවුන්ගේ ගැටුම සඳහා ලෙබනනයද සම්බන්ධව සිටින බවට චෝදනා එල්ලවීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
දිනෙන් දින තීව්ර වන ඊශ්‍රායල-ඉරාන ගැටුම අතරතුර ලෙබනනයේ අහස එම ගැටුම් සඳහා මාධ්‍යයක් බවට පත්ව ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එමඟින් ලෙබනන් නිලධාරීන් සහ විශ්ලේෂකයන් අතර බියක් හටගෙන ඇති අතර, ඔවුන් අනතුරු අඟවන්නේ සිය රටට ගුවන් අවකාශයේ පාලනය අහිමි වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart