
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශේෂිත දිනවලදී ජනපති පොදු සමාව දුන් සිරකරුවන්ගේ ලේඛනයේ නම් සඳහන් නොවන සිරකරුවන් අනීතික ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් රැසකගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ‘දිනමිණ’ වාර්තා කරයි.
එසේ අනීතිකව නිදහස් කළ සිරකරුවන් හඳුනාගැනීමක් මේ වන විට සිදුකරමින් පවතින බවත්, ඒ අයව අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.
කාලයක් තිස්සේම බන්ධනාගාරය තුළ මෙවැනි දේවල් සිදුව ඇති බව විමර්ශනවලින් පෙනීගොස් තිබේ.
“අනුරාධපුර බන්ධනාගාරයේ පමණක් නෙමෙයි මේ දේවල් සිදුව තිබෙන්නේ. තවත් බන්ධනාගාර රැසක සිදුවෙලා තිබෙනවා. ඒ නිසා හැම බන්ධනාගාරයකින්ම නිදහස් කළ සිරකරුවන්ගේ ලේඛන මේ වන විටත් පරීක්ෂාවට ලක්වෙමින් තිබෙනවා. පරීක්ෂණ අවසන් වන විට බන්ධනාගාරයේ තවත් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට පත්වීමට ඇති ඉඩකඩ වැඩියි.” යැයි ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart