
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ඉන්දීය පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන්ට දින 14 ක විශේෂිත පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ආරාධනා කර ඇත.
එහිදි කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ සංචිතවල ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ප්රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම අරමුණින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වීමට යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව, ඔහු ශ්‍රී ලංකාවේ රැඳීසිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, කාන්තා ‘ඒ’ කණ්ඩායම, වයස අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායම, පුහුණුකරුවන්, පළාත් පුහුණුකරුවන් සහ පුහුණු අධ්‍යාපනඥයන් සමඟ කටයුතු කරනු ඇත.
2014 සිට 2021 දක්වා ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කළ ඔහු, පිරිමි රතු පන්දු සහ සුදු පන්දු කණ්ඩායම් සමඟ ඔවුන්ට ආවේණික වැඩසටහන් පවත්වා ඇත.
වේගපන්දු යවන්නන්ගේ ශිල්පීය කුසලතා මත පදනම් වූ පුහුණු ද ඒ අතර වේ.
ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමඟ වීඩියෝ ඔස්සේ සැසියන් පවත්වා විශ්ලේෂණයන්ට ලක්කිරීම සහ ‘ක්‍රීඩාව’ පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සඳහා වැඩසටහන්ද පවත්වනු ඇත.
එළඹෙන ජුනි 02 දින ඔහුගේ ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ වන අතර, 19න් පහළ ජාතික සංචිතය පුහුණු කිරීමත් ඒ සමඟ ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart