
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව අංක එකේ බිලියනපතියා වන එලෝන් මස්ක් විසින් සිය ස්පේස් එක්ස් (Space X) සමාගම වෙත කැලිෆෝනියාවේ ලාබාලම උපාධිධාරියා වන 14 හැවිරිදි කයිරන් ක්වාසි(Kairan Quazi) බඳවා ගෙන ඇත.
ශාන්ත ක්ලේරා (Santa Clara) විශ්වවිද්‍යාල ඉතිහාසයේ බිහිවූ ලබාලම උපාධිධාරියා වන Kairan Quazi, ජූලි මාසයේදී තම රැකියාව ආරම්භ කිරීමට නියමිතව තිබේ.
වසරක 172ක විශ්ව විද්‍යාල ඉතිහාසයේ ලාබාලතම උපාධිධාරියා ලෙස ඔහු පත්වනවා පමණක් නොව, ළමා වියේදී උපාධිය ලබා ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් වීමට නියමිත වේ.
ඔහුගේ බුද්ධිමය හැකියාව පිළිබඳ මුලින්ම සොයාගෙන ඇත්තේ, වයස අවුරුදු දෙකේදී පමණ සම්පූර්ණ වාක්‍ය ලෙස කතා කිරීමට පටන්ගත් මොහොතේ බව ඔහුගේ මාපියන් සඳහන් කර ඇත.
එමෙන්ම, ඔහු තුන්වන ශ්‍රේණියේ දී (එක්සත් රාජධානියේ සිව්වන වසරට සමානය) බුද්ධිමය පරීක්ෂණ සඳහා භාජනය වූ අතර, එමඟින් පෙන්නුම්කර ඇත්තේ ඔහුගේ බුද්ධි මට්ටම සාමාන්‍ය පුද්ගලයකුගෙන් සියයට 99.9ක් බවයි.
පාසල් කටයුතුවලදී ඔහුට අභියෝගාත්මක බවක් දැනුණු අතර, ඔහුගේ ගුරුවරුන්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ මව්පියන් ඔහුගේ වේගවත් ඉගැනීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන ක්‍රමය නිවැරදි මග නොවන බවට හඳුනාගෙන ඇත.
ඉන්පසු Las Positas community college නම් අධ්‍යාපන ආයතනය වෙත ඔහු ඇතුළත් කර තිබේ.
වසර දෙකකට පසුව එනම්, වයස අවුරුදු 11දී Kairan Quazi පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට Santa Clara විශ්ව විද්‍යාලය වෙත ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart