
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය (දළ දේශීය නිෂ්පාදිතය (GDP)) පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේදී සියයට 11.5 කින් හැකිළී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(15) ප්‍රකාශ කළේය.
මෙම කාර්තුව තුළ කෘෂිකාර්මික කටයුතු වසරකට පෙර වසරේ කාලයට සාපේක්ෂව සියයට 0.8 කින් වර්ධනය වී ඇති නමුත් කර්මාන්ත සහ සේවා අංශ පිළිවෙලින් සියයට 23.4 කින් සහ සියයට 05 කින් පහත වැටී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 වසරේදී සියයට 7.8 කින් හැකිලෙනු ඇතැයි ගණන් බලා තිබිණි.
කෙසේවෙතත් මේ වසරේ අවසන් කාර්තුවේදී ආර්ථික වර්ධනය ධනාත්මක වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart