
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සෙනසුරාදා දින ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් යානයක් දෙවරක් ප්‍රමාද වූයේ පරවියන් දෙදෙනකු යානය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීම හේතුවෙනි.
පළමු කුරුල්ලා යානයට ගොඩවී කබිනය වටා පියාසර කිරීම හේතුවෙන් අවුල් සහගත තත්වයක් නිර්මාණය වී තිබේ.
එම සත්වයා අසීරුවෙන් යානයෙන් පිටතට දමා දොර වැසීමට උත්සාහ කරන විට තවත් පරවියෙක් යානයට රිංගාගෙන ඇත.
මගියකු වන ටොම් කෝ විසින් රූගත කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ, පුද්ගලයකු තම ජැකට්ටුව භාවිතයෙන් පරෙවියා අල්ලා ගැනීමට උත්සාහ කරන ආකාරයයි.
මෙම අසාමාන්‍ය සිදුවීම සිදුවූයේ මිනියාපොලිස් සිට විස්කොන්සින් හි මැඩිසන් දක්වා නිතිපතා නියමිත ගුවන් ගමනක් වන ඩෙල්ටා ෆ්ලයිට් 2348 යානයේදීය.
මෙම තත්වය සම්බන්ධයෙන් ඩෙල්ටා එයාර් ලයින්ස් මගීන්ගෙන් සමාව අයැද තිබේ.
අඟහරුවාදා ABC ප්රවෘත්ති වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඩෙල්ටා එයාර් ලයින්ස් පවසා ඇත්තේ, ගුවන් යානය විනාඩි 56 කින් ප්‍රමාද වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart