
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල්වරයාව සිටි තුසිත හල්ලොලුව ගමන් ගත් රථයට වෙඩි තබා එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගත් බව කියන සිද්ධිය තනිකරම නාටකයක් බව හෙළිවෙමින් පවතින බවත් ඊට සම්බන්ධ සියලුදෙනා ඉදිරි දින කීපය තුළ දී අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාරීහු පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සැකකාරියක ඇතුළු සැකකරුවන් තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩිතබා ලිපිගොනුව පැහැරගත් කුලී වෙඩික්කරුවන් දෙදෙනාට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.
එම මුදල් ගෙවා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු බව කියන ‘කෝපිකඩේ අප්පුවා’ගේ පුත්‍රයා විසින් බවත්, එම මුදල් එවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ කුලී වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.
මෙම නාටකය සැලසුම් කළ පුද්ගලයන් සහ ඩුබායි පාතාලයන් අතර පවතින සම්බන්ධතාවද සොයාබලාගෙන යන බව විමර්ශන නිලධාරීහු පවසති.
ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රීසියේ ව්‍යාපාරයක මුදල් ආයෝජන කළ බවට තුසිත හල්ලොලුව විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබිණී.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර හල්ලොලුවගෙන් පැය 07ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
මෙම ප්‍රකාශය ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් හලොලුවට දැනුම් දී තිබිණි.
ඊට අවශ්‍ය සාක්ෂි තමන් සතු බවද හල්ලොලුව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබුණු නමුත්, ඔහු ගමන්ගත් මෝටර් රථයට නාරාහේන්පිට දී ප්‍රහාරයක් එල්ල වන්නේ මේ අතරතුරදීය.
හල්ලොලුව එහිදී කියා තිබුණේ තම රථයට වෙඩිතබා නාඳුනන පුද්ගලයන් එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගෙන ගිය බවයි.
එම ලිපිගොනුවේ තිබී ඇත්තේ ජනාධිපතිවරයා මුදල් ආයෝජනය කළ බවට තිබුණු සාක්ෂි සහිත ලියකියවිලි බවද හලොලුව පොලිසියට ප්‍රකාශ කර තිබිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ඉන්දික ලොකුහෙට්ටිගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart