
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල ඊයේ (26) සහ අද (27) දින මත්ද්‍රව්‍ය වැටළීම් කිහිපයක් සිදුකර ඇති අතර, එහිදි හෙරොයින්, අයිස් සහ හෂිෂ් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ වැටළීමකදී වයස අවුරුදු 24, 30 සහ 34 වයස්වල පිරිමින් තිදෙනකු සහ වයස අවුරුදු 80ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අයිස් ග්‍රෑම් 50 කට වැඩි ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 05 කට වැඩි ප්‍රමාණයක් භාරයට ගෙන ඇත.
සැකකරුවන් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
තවද, නිට්ටඹුව සහ පෑලියගොඩ ප්‍රදේශවල ඊයේ (26) සිදුකරන ලද වැටළීම්වලදී අයිස් ග්‍රෑම් 127.5 ක් සමඟ වයස අවුරුදු 34 ක පිරිමින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් නිට්ටඹුව සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
කොස්ලන්ද සහ මාදිවල පදිංචි වයස අවුරුදු 28 සහ 38 ක් වන පුද්ගලයන් දෙදෙනකු අයිස් ග්‍රෑම් 21 කට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගැනීම හේතුවෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ 14 පදිංචි 20 හැවිරිදි පිරිමි පුද්ගලයකු ඊයේ (26) ග්‍රෑන්ඩ්පාස්හිදී අයිස් ග්‍රෑම් 11.1ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ 15 පදිංචි 21 හැවිරිදි තරුණයකු අයිස් ග්‍රෑම් 11ක් සමඟ මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් ග්‍රෑම් 7.3ක් සමඟ වැල්ලම්පිටියේදී 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙමටගොඩදී අයිස් ග්‍රෑම් 21ක් සහ හෂීස් ග්‍රෑම් 30ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කොළඹ 09 පදිංචිකරුවන් වේ.
මෙම සිද්ධි සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart