May 25, 2025

රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ තිස්පහකට අධික ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍යනාසක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ලද තොරතුරක් මත මෙම මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය ලොරි රථයකින් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එහි ප්‍රධාන ජාවාරම්කරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.