May 23, 2025

මේ මොහොතේ රජයට තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ වියදම් පාලනය කර ආදායම් ඉහළ නැංවීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එහිදී රජය ණය දෙන ආකාරය සහ පොලී අනුපාතය ඉතා වැදගත් බවයි.

මේ වනවිට භාණ්ඩාගාර සුරැකුම්පත්වල මිල වැඩිවෙමින් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ එමගින් පෙනී යන්නේ මුදල්වල සැපයුමට වඩා ඉල්ලුම පවතින බවයි.

එබැවින් ණය ගැනීමේදී ගන්නා ප්‍රමාණයට වඩා ආදායමක් ඉපැයීමට හැකි නම් එය ආර්ථිකයේ වර්ධනයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එහෙත් බරපතල තත්වය වන්නේ ණය ගෙවීම සඳහා ණය ගැනීම බවත්, එබැවින් ණය ලබා ගත යුතු වන්නේ ආදායම් උත්පාදනය කර හැකි අයුරින් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.