May 24, 2025

නවසීලන්ත ඕල් බ්ලැක්ස් සෙවන්ස් කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවකු වන රොඩ්නි ගිබ්ස්, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

ඔහු මැයි 26 වන දින නිල වශයෙන් වැඩ භාරගන්නා අතර ආසියානු රග්බි ටොප් 4 තරඟාවලිය අවසන් වන තෙක් එම තනතුරේ රැඳී සිටිනු ඇත.

ගිබ්ස් මීට පෙර බ්ලැක් ෆර්න්ස් ප්‍රොබේබල්ස් සහ නවසීලන්ත බාබේරියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙසද සේවය කර ඇත.

ශ්‍රී ලංකාව ‘ආසියානු රග්බි එමිරේට්ස්’ශූරතාවලියේදී හොංකොං චීනය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරඟ වදිනු ඇත.

ශ්‍රී ලංකාව සහභාගීවන තරඟ ජුනි 14 වැනි දින දකුණු කොරියාවට එරෙහිව මෙරටදී පැවැත්වෙන අතර, පසුව හොංකොං චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පිළිවෙලින් එතෙර සහ මෙරටදී තරඟ පැවැත්වේ.

ආසියානු රග්බි එමිරේට්ස් ශූරතාවලිය:

ජුනි 13 වන සිකුරාදා: එක්සත් අරාබි එමීර් රාජ්‍යය එ. හොංකොං චීනය
ජුනි 14 වන සෙනසුරාදා: ශ්‍රී ලංකාව එ. දකුණු කොරියාව
ජුනි 21 වන සෙනසුරාදා: දකුණු කොරියාව එ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ජුනි 22 වන ඉරිදා: හොංකොං චීනය එ. ශ්‍රී ලංකාව
ජූලි 4 වන සිකුරාදා: ශ්‍රී ලංකාව එ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ජූලි 5 වන සෙනසුරාදා: දකුණු කොරියාව එ. හොංකොං චීනය