
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරල ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළේ ය.
ඔහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.
2018 – 2022 කාලසීමාවේ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඉඩම් කට්ටිකර විකුණන ව්‍යාපාරිකයකුගෙන්, සැලසුම් අනුමත කිරීම සඳහා රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත්තේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, සැකකරු එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 25 ක මුදලක් සහ තවත් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවයි.
තවත් අවස්ථාවක සිය නිවසේ මිදුලේ ගල් ඇතිරීම සඳහා රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇතැයි, විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 05 ක් මත මුදාහැරීමට නියෝග කළේ, විදෙස් ගමන් තහනමක් ද පනවමිනි.
එහෙත්, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
නඩුව ජූලි 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart