
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ඉන්දීය සුපිරි ක්‍රිඩක රෝහිත් ෂර්මා නිවේදනය කර තිබේ.
සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් රෝහිත් ෂර්මා මෙම නිවේදනය සිදුකර ඇති අතර, ටෙස්ට් පිටිය තුළ සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බව ප්‍රකාශ කළේය.
38 හැවිරිදි රෝහිත් අන්තර්ජාතික ටෙස්ට් තරග 67 කදී ලකුණු 4301 රැස්කරගෙන ඇත්තේ, පිතිකරණ සාමාන්‍යය 40.57 ක් රදවාගනිමිනි. ඊට ශතක 12 ක් සහ අර්ධ ශතක 18 ක් ඇතුළත් වේ.
අවසන් වරට පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ඉන්දියාව ජයගත් අතර, එම තරගාවලියේන් පසු ඔහු අන්තර්ජාතික පන්දුවාර විස්ස පිටියට සමුදෙන ලදී.
පන්දුවාර විස්ස පිටියට මෙන්ම ටෙස්ට් පිටියට සමුදුන් නමුත් තවදුරටත් එක්දින පිටියේ ක්‍රීඩාකරන බව රෝහිත් ෂර්මා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart