
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) මුදවාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත.
‘මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාතථා වූ) අද (06) මුදවාගනු ලැබුවා. ඒ තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කායර්‍යාලය කළ මෙහෙයුමකිනි.
15 දෙනාගෙන් යුතු ශ්‍රී ලාංකිකයන් පිරිස අද පෙරවරුවේ මියන්මාර තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබුවා. ශ්‍රී ලාංකිකයන් භාරගැනීමේ අවස්ථාවට තායිලන්ත තානාපති කායර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
ද
මෙම පිරිස මුදවාගනු ලැබුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරිස් සන්ගම්පොන්ස්ගේ (Maris Sangiampongsa) මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ (U Than Swe) මහතා සමඟ වරින් වර කළ දුරකථන සංවාදවල ප්‍රතිපලයක් අනුවයි.
සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි ශ්‍රී ලාංකියන් මුදවාගැනීමේ ක්‍රියාවලියට රාජතාන්ත්‍රිකව මැදිහත් වූ තායිලන්ත තානාපති කායර්‍යාලය, ප්‍රවාහන පහසුකම් සැලසූ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර කායර්‍යාලය, සෙසු සුබසාධන පහසුකම් සැලසූ රාජ්‍ය නොවන ආයතන සහ තායිලන්ත හා මියන්මාර රජයන්ගේ කායර්භාරය අමාත්‍ය විජිත හේරත් මහතා ඇගයීමට ලක්කළේ ය.
මීට පෙර ඉකුත් මාර්තු මස 18 වන දින මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 14ක් සහ 2024 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලාංකිකයන් 27ක් මෙරටට ගෙන්වා ගනු ලැබුවා.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart