
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු පසුගියදා මියයෑමේ සිද්ධියෙන් පසු මෙරට විශ්වවිද්‍යාලවල නවකවධය සම්බන්ධ සිදුවීම් පිළිබඳව සමාජය තුළ යළිත් දැඩි කතාබහක් සිදුවෙමින් තිබේ.
එවන් පසුබිමක විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී නවකවධය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිසියේ සහාය අවශ්‍ය බවට සාකච්ඡාවට ලක්ව ඇතැයි වාර්තා වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය කපිල සෙනවිරත්න එහිදී නවකවධයට එරෙහිව පියවර ගැනීමට සහ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශක්තිමත් නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
සබරගමුව විශ්වවිද්‍යාලයෙන් වාර්තා වූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ කිහිපයක්ම ආරම්භ වී තිබේ.
එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වැනි වසරේ සිසුන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් තවත් සිසුන් සිව්දෙනෙකු මැයි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම සැකකරුවන් ද එම පීඨයේම තෙවැනි වසරේ සිසුන් වේ.
දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ මියගිය සිසුවා නවකවධයට සම්බන්ධ හේතුවක් මත සියදිවි නසාගෙන ඇති බවට මේවනවිට කරුණු අනාවරණ වෙමින් ඇත.
කෙසේවෙතත් සිසුවාගේ මරණයට නිශ්චිත හේතුව සහ වගකිවයුත්තන් හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් මේ වන විට පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart