May 6, 2025

අද උදෑසන 10.00 ට පමණ සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගිය බව පොලිසිය පවසයි.

නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන විට, එම පුද්ගලයා පොලිස් නිලධාරියෙකුට පිහියකින් පහර දී තිබේ.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව පාලනය කිරීම සඳහා එම පුද්ගලයාගේ දණහිසට පහළින් වෙඩිතබා ඇත.

තුවාල ලැබූ පුද්ගලයා සීදුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සීදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.