
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, නීතිවිරෝධී නවකවධය සම්බන්ධයෙන් අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසත්, නවකවධය පිළිබඳව කල්මරමින් කටයුතු නොකරන ලෙසත්ය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ සියදිවි නසාගැනීමෙන් පසු අපරාධකරුවන්ට එරෙහිව බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සමනලවැව පොලිසිය විසින් ගොනුකරන ලද නඩුව සමීපව නිරීක්ෂණය කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.
නීතියේ ආධිපත්‍යය සහ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
නවකවධය පිළිබඳ චෝදනා එල්ලවන, සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තම දැඩි කනස්සල්ල පළකරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ප්‍රකාශය නිකුත් කළේය.
“අදාළ නීතිය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අධිකරණයේ මැදිහත්වීමක් ඉල්ලා සිටීම ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සලකා බලමින් සිටී,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ..
ඕනෑම අධ්‍යාපන ආයතනයක ඕනෑම සිසුවකුට එරෙහිව සිදුකරන ඕනෑම ආකාරයක නවකවධ හිංසා පැමිණවීමක්, හිරිහැර කිරීමක් හෝ ප්රචණ්ඩත්වයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළාදකින අතර, එය නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව මූලික මානව වටිනාකම් සහ හැසිරීම් උල්ලංඝනය කිරීමක් බවද පෙන්වාදෙයි.
මෑත කාලීන නවකවධ සිදුවීම් කිහිපයක් අදාළ ආයතනයේ රාජකාරි පැහැරහැරීම නිසා සිදුවී ඇති බවත්, මෙම බලධාරීන් ඒ සඳහා වගකිව යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හි අදහසයි.
මෙම ආයතනවල නවකවධය සහ ප්රචණ්ඩත්වය සිදුකරන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ‘1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවධය සහ වෙනත් ආකාරයේ ප්රචණ්ඩත්වයන් තහනම් කිරීමේ පනතේ’ විධිවිධාන ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ලට පත්ව සිටී. ‘1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියේ’ විධිවිධාන සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ විධිවිධානවල අදාළත්වය පිළිබඳව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැළකිලිමත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart