
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පහල්ගම් ප්රදේශය ඉලක්ක කර එල්ල වූ ත්රස්ත ප්රහාරය සහ ඒ සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්ථානයට පැනවූ සීමා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පකිස්ථානයේ ජාතික ආරක්ෂක කමිටුව රැස් වී තිබේ.
මෙම හමුවට අග්රාමාත්ය ශෙබාස් ශරීෆ්, යුධ හමුදා ප්රධානියා, ගුවන් හමුදා ප්රධානියා සහ නාවික හමුදා ප්රධානියා සහභාගීවී ඇත.
එහිදී ගනු ලැබූ සියලුම තීරණ නුදුරේදීම ප්රකාශයට පත්කිරීමට නියමිත බව පැවැසේ.
ඊට අමතරව ඉන්දියාවේ ක්රියාකලාපය සඳහා ප්රතිචාර වශයෙන් ඉන්දීය රාජ්යතාන්ත්රිකයන් නෙරපා හැරීම සහ ඉන්දීය ජාතිකයින් සඳහා වන සියලුම වීසා බලපත්ර අත්හිටුවන බව පාකිස්ථානය නිවේදනය කරයි.
දෙරට අතර දේශසීමා වසාදමනු ඇති බවත්, වෙළඳාම නතර කරන බවත්, ඉන්දියාවට අයත් හෝ ක්රියාත්මක වන ගුවන් සමාගම් සඳහා ගුවන් අවකාශය වසාදමන බවත් පාකිස්තානයේ අග්රාමාත්ය කාර්යාලය ප්රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart