
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය පාලිත කාශ්මීරයේ හිමාල කඳුකරයේ සංචාරක ආකර්ශනය දිනාගත් පහල්ගම් ප්‍රදේශයේදී සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් 26 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් දිනකට පසු, ඉන්දියාව පාකිස්ථානය ඉලක්ක කර ගනිමින් දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව රටවල් දෙක සම්බන්ධ කරන ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසාදැමීම, වැදගත් ජල බෙදාගැනීමේ ගිවිසුමක් අත්හිටුවීම, රාජ්‍යතාන්ත්‍රිකයන් නෙරපා හැරීම සහ ඇතැම් පාකිස්ථාන වීසා බලපත්‍රලාභීන්ට පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස නියෝග කිරීම ඊට ඇතුළත් වේ.
කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඒ සඳහා ප්‍රතිචාරයක් දැක්වීමට බ්‍රහස්පතින්දා රැස්වන බව පකිස්තාන විදේශ අමාත්‍යවරයා පවසයි.
පහල්ගම් ප්‍රහාරය මෑතකාලීනව ඉන්දියාව ඉලක්ක කර එල්ල වූ මාරාන්තිකම ත්‍රස්ත ප්‍රහාරය වන අතර, එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා අර්බුධයට ලක්කර තිබේ.
ඉන්දියාව සහ පාකිස්තානය කොටස් වශයෙන් කාශ්මීරය පාලනය කරයි.
1947 දී ඉන්දියාව බෙදීමෙන් පාකිස්තානය නිර්මාණය වූ දා සිට, න්‍යෂ්ටික සන්නද්ධ අසල්වැසියන් අතර ගැටුම් පවතී.
එවන් පසුබිමක් තුළ පහල්ගම් වෙත එල්ල වූ මෙම ප්‍රහාරය සඳහා ඉන්දීය රජය දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර, පාකිස්තානය ප්‍රහාරයට වක්‍රව වගකිව යුතු බවට සංඥා කර ඇත.
පාකිස්තාන රජය සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට ඉන්දියාව දිගු කලක් තිස්සේ චෝදනා කරන අතර, එය පාකිස්තානය තරයේ ප්‍රතික්ෂේප කරයි.
කෙසේවෙතත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X හි සටහනක් තබමින් පැවසුවේ, මෙම නින්දිත ක්‍රියාව පිටුපස සිටින අය නීතිය හමුවට පමුණුවනු ඇති බවයි.
ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සතු අධිෂ්ඨානය නොසැලෙන අතර එය තවත් ශක්තිමත් වනු ඇතැයි ද මෝදි පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart