
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට රැස්ව සිටින දැවැන්ත ජනකායක් කළමනාකරණය කිරීම සඳහා පොලිසිය ඊයේ (23) රාත්‍රියේ සිට විශේෂ හඳුනාගැනීමේ ටැග් පද්ධතියක් හඳුන්වා දී ඇති අතර, දැනටමත් බැතිමතුන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ සිටින බව නිලධාරීහු පවසති.
ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර-මාතලේ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ පැවසුවේ, පෝලිම් ඉතා දිගු බැවින් දිනකට පුද්ගලයින් 100,000 කට ඉඩදුන්නද වත්මන් සංඛ්‍යාවට නගරයෙන් ඉවත්වීමට අවම වශයෙන් තවත් දින තුනක් ගතවනු ඇති බවයි.
පාලනය කළ නොහැකි තත්ත්වය හේතුවෙන්, ජනකා පාලනය සඳහා සහාය වීම සඳහා හමුදාවද යොදවා ඇත.
ඉදිරි දින දෙක තුළ මහනුවරට නොයන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, පෝලිමේ සිටි පුද්ගලයකු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය තහවුරු කළේය.
‘සිරි දළදා වන්දනාව’ සඳහා කළින් සූදානම් කර තිබූ කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රිය සේවා ද තත්වය හේතුවෙන් අවලංගු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart