
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජී එස් පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඉන් ආර්ථිකයට සිදුවන පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 1.23 ක් පමණ විය හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් කරන ලද නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබේ.
ජී එස් පී සහනය අහිමිවීමත් සමඟ, ශ්‍රී ලංකාව MFN කාණ්ඩයට එක්වීමෙන් යුරෝපා සංගමය සමග සිදු කරන වෙළඳ ගනුදෙනුවලදී තීරුබදු වැඩිවීමකට මුහුණ දීමට අවදානමක් ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
එනම් එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට කරන අපනයනවලින් සියයට 36.7 ක ප්‍රතිශතයක් අහිමි වනු ඇත.
‘පාඩු විඳින්නේ කවුද? GSP+ ඉවත් කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන සහ ශ්‍රම බලකායට එල්ල වන බලපෑම් මොනවාද යන්න අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පර්යේෂකයන් වන ආචාර්ය අසංක විජේසිංහ, චායා දිසානායක සහ රශ්මි අනුපමා විසින් එම අධ්‍යයනය සිදු කර ඇති අතර එහි ප්‍රතිපල ඇසුරුන් වාර්තාව සකස් කර තිබේ.
යුරෝපා සංගමය යනු ට්‍රාන්ස්ෆෝමර් වැනි අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා ප්‍රධාන වෙළඳපොලක් වන අතර 2019 දී ශ්‍රී ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් අපනයනවලින් සියයට 50 ක් එම සංගමය වෙත සිදු කර තිබේ. ඒ අනුව GSP+ අහිමි වීමෙන් ට්‍රාන්ස්ෆෝමර් අපනයනය සියයට 10 කින් පහත වැටීමට හේතු විය හැකි බව වාර්තාව පෙන්වා දෙයි.
ඇඟලුම් අංශය GSP+ සහනය සම්පූර්ණයෙන් භාවිත නොකළද, තීරුබදු සියයට 10කින් පමණ ඉහළ යා හැකි කර්මාන්තයක් ලෙසින් ද දැඩි ලෙස පීඩාවට පත් විය හැකි කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඇත.
මෙම අපනයන පහත වැටීම රැකියා සඳහා ද ප්‍රධාන ප්‍රතිවිපාක ඇති කරනු ඇති අතර යුරෝපා සංගමයේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කාර්මික ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් සියයට 4.99 ක් අහිතකර ශ්‍රම වෙළඳපල තත්වයන්ට ගොදුරු විය හැකිය.
ජී එස් පී ප්ලස් සහනය අහිමි වුවහොත් මෙරට ඇඟලුම් අංශයේ සේවකයින්ගෙන් සියයට 13.47 කට රැකියා අහිමිවීමේ අවධානමක් ද පවතී.
යුරෝපා සංගමය මෙරටි සිදු කරන ආනයන හා සම්බන්ධ රැකියා සංඛ්‍යාව මත පදනම්ව එම වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ MFN තීරුබදු යටතේ අඩුවන අපනයනවල බලපෑමෙන් සමස්ත කම්කරුවන් 73,574ක් අවදානමට ලක් විය හැකි අතර ඉන් සියයට 65.65ක් කාන්තාවන් සහ අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ පුහුණු ශ්‍රමිකයන් වනු ඇති බවයි.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart