
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේවනවිට අවසන් කර ඇති දීර්ඝ කාලීන අල්ලස් සහ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් නුදුරේදීම අධිකරණය හමුවේ නඩු 50ක් පමණ ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇති විත්තිකරුවන්ගෙන් බහුතරයක් රජයේ නිලධාරීන් වන අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව ආරංචි මාර්ග පවසයි.
මෙසේ ගොනු කිරීමට නියමිත නඩු අතරට අධිචෝදනා ගොනු කර නොතිබුණද කලකට පෙර අවසන් කර තිබූ විමර්ශන කිහිපයක්ද ඇතුළත් බව වාර්තා වන අතර කොළඹ මහාධිකරණය හමුවේ එම අධි චෝදනා ගොනු කිරීමට නියමිතයි.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකෙරෙන විමර්ශනය නවතා දමා තිබේ.
මන්ත්‍රීවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට කල්පිරීමට පෙර ඌව පළාත් සභාවේ රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කිහිපයකින් මුදල් ආපසු ගැනීමෙන් රජයට රුපියල් මිලියන 17.3 ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මතයි.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ සිද්ධිය තමන් අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුවූවක් බවත්, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතිය ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව චාමර සම්පත් දසනායක එම මුදල් ආපසු ලබා ගෙන ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart