
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර හයකට පෙර පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ පල්ලිවල බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් 2025 අප්‍රේල් 21 වැනි සඳුදා ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට වතිකානුව සූදානම් වේ.
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් එදින කටුවපිටියේදී වතිකානුවෙන් නිකුත් කරන නිවේදනය කියවන බව කතෝලික පල්ලියේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත පියතුමා පවසයි.
‘ඇදහිල්ලේ වීරයන්’ යනු කතෝලික සභාව විසින් තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් තම ජීවිත පූජාකරන අය හැඳින්වීමට භාවිත කරන යෙදුමකි.
ඔවුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිත පූජාකළ පිරිමින් සහ කාන්තාවන් ලෙස හඳුන්වනු ලැබේ.
එසේම, පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස ඇති සත්‍යය සොයාගැනීම සඳහා අප්‍රේල් 21 වැනි දින වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව කාදිනල්තුමා පල්ලියේ ස්ථාවරය ප්‍රකාශ කරන බව වාර්තා වේ.
අප්‍රේල් 21 වැනි දින පෙ.ව. 7ට ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා යාඥා පෙරහැරක් සංවිධානය කර තිබේ.
පෙ.ව. 8.30 ට දේවස්ථානයේදී අනුස්මරණ උත්සවයක් පැවැත්වෙන අතර ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානීන් ද සහභාගී වනු ඇත.
තවත් අනුස්මරණ උත්සවයක් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart