
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා හිසතෙල් ගෑමේ උත්සවය යෙදී තිබූ අප්‍රේල් මස 16 දින පූර්වභාග 09.04 ට යෙදුණ නැකතට අනුව උතුරු දිශාව බලා හිසට දිවුල් කොළද පයට ඉඹුල් කළද තබා සංඝරත්නයේ සෙත් පිරිත් සච්ඡායනය මැද හිසතෙල් ගෑම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සිදුකෙරිණි.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු , ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය නිලධාරි ධම්මිකා දසනායක ඇතුළු පශුවෛද්‍යවරියන් වන අමිලා කලුතන්තීරිගේ, දිනූෂා සොන්නන්රදර ඇතුලු සත්වෝද්‍යාන පාලනාධිකාරියේ සහභාගිත්වයෙන් දෙහිවල ප්‍රතිබිම්බාරාම විහාරවාසී විලච්චියේ විමලසාර නාහිමියන්, පැපිලියාන සුගතහිමි ඇතුළු මහාසංඝරත්නය විසින් හිසතෙල් ගෑම සිදුකරනු ලැබිණි
නැකතට සත්වෝද්‍යානයේ වාසය කරන, කඩොල් ඇතාගේ හිසතෙල් ගෑම සිදුකළ අතර, දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිසතෙල් ගෑමද සිදුකෙරිණි.
මේ අතර මේ දිනවල සත්වෝද්‍යානයේ කාගෙත් සිත් දිනාගෙන සිටින, සත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම, සත්වෝද්‍යානය වාසය කරන ජිරාෆ් , කගවේනා ඇතුළුව තවත් සතුන්ගේ හිසතෙල් ගෑම ද මෙහිදී සිදුකරනු ලැබිණි

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart