
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිල අවසරයකින් තොරව හයිලෙවල් මාර්ගය (138 බස් මාර්ගය) වසාදමා මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එවැනි තරගයක් පැවැත්වීම සඳහා පොලිස් අවසරය අවශ්‍ය බවත්, එහෙත් එවැනි කිසිදු අවසරයක් එම පිරිස විසින් ලබාගෙන නොමැති බවත් පොලීසිය පවසයි.
මෙම මෝටර් රථ ධාවන තරඟය හේතුවෙන් අනෙකුත් රියදුරන් සහ මහජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පැමිණිලි කර තිබේ.
ඒ අනුව, අනවසරයෙන් මෙවැනි තරගයක් සංවිධානය කළ පුද්ගලයන් මෙන්ම ඊට සහභාගි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඔවුන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart