
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා සමත්ව තිබේ.
අමෙරිකාවේ පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක් දක්වමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය.
ඒ අනුව, කවපෙත්ත ඉසිකිරීමේ දී මීටර් 75 සීමාව ඉක්මවා ගිය පළමු ක්රීඩකයා බවට ද ඔහු පත්විය.
තවමත් 22 හැවිරිදි වියේ පසුවන ඇලෙක්නා මෙහි පෙර ලෝක වාර්තාවේද හිමිකරුවාය.
පසුගිය වසරේ දී ඔහු මීටර් 74.35ක් විසිකරමින් එම වාර්තාව පිහිටුවීය.
එහි විශේෂත්වය වන්නේ එවරද ඔහු එම ලෝක වාර්තාව පිහිට වූයේ ඊයේ ලෝක වාර්තාව බිඳදැමූ ස්ථානයේදීම වීමය.
පසුගිය වසරේදී ඇලෙක්නා එම වාර්තාව පිහිටවනු ලැබුවේ එතෙක් වසර 38ක (1986 වසරේ සිට) දීර්ඝ ලෝක වාර්තාවේ අවසානය සනිටුහන් කරමින්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart