
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වේ.
ඒ, උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවය.
බටලන්ද නිවාස සංකීර්ණය තුළ නීතිවිරෝධීව රඳවා ගැනීමේ ස්ථාන හා වධකාගාර පිහිටුවීම මෙන්ම ඒවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ වාර්තා, එහිදී විවාදයට ගැනෙනු ඇත.
දෙදින විවාදයක් ලෙස එය පැවැත්වීමට නියමිතය.
විවාදයේ දෙවැනි දිනය වෙනුවෙන්, මැයි මාසයේ දිනයක් වෙන්කිරීමට සැලසුම් කර තිබේ.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව, සභානායක අමාත්‍ය බිමල් රත්නායක පසුගිය මාර්තු 14 වැනිදා සභාගත කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart